රථ වාහන සොරකම් කිරීමේ මහා පරිමාණ ජාවාරමක් වටලයි

රථ වාහන සොරකම් කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරත වු පුද්ගලයින් පස්දෙනෙකු රත්නපුර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

රත්නපුර පොලීසිය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

ඔවුන් විසින් සොරකම් කරන ලද ත්‍රීරෝද රථ 25ක්, කැබ්රථ 02ක්, ට්‍රක් රථ 2ක් , කුඩා ලොරි රථ 04ක් සහ යතුරු පැදි 5ක් ඇතුලු වාහන රැසක් මේ වන විට පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *