මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන රත්මලානේ ‘සිඟිති’ නමැති කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 7ක් බවට සැක කෙරෙයි.
සැකකාරිය 40 හැවිරිදි තැනැත්තියකි.
ඇය විදේශගතව සැඟව සිටින බවට විශ්වාස කෙරෙන කුඩු අංජුගේ ඥාතියෙක් බවද වාර්තා වෙයි.
රත්මලාන දුම්රිය පොළ ආසන්නයේ දී පසුගිය අගෝස්තු මාසයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණු අතර එලෙස ඝාතනය වූ රත්මලානේ ‘මස් කඩේ කලුවා’ නම් පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරිය ලෙස ද මෙම කාන්තාව හඳුනාගෙන ඇති බවද පොලීසිය පවසයි.
මෙම වැටලීම සිදුකර තිබුණේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසිනි.


