රණවිරු සැමරුම් කොඩිය ජනපතිට

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම  ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ මහතා විසින් රණවිරු කොඩිය ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබීය.

දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයේදී රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් සෑම වසරකම මැයි මාසය ‘රණවිරු සැමරුම් මාසය’ නමින් ප්‍රකාශයට පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *