රට පුරා ඩෙංගු

රට පුරා   ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

පසුගිය ජනවාරි 01 වැනිදා සිට ඊයේ (10) දින දක්වා ගතවූ දවස් 9 තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 2,420ක් වාර්තා වී ඇති බව  ඔහු සදහන් කළේය.

මින් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.ඩෙංගු රෝගීන්  සංඛ්‍යාව 1,317 කි.

මෙයට අමතරව  දකුණු පළාතෙන් 361ක්ද මධ්‍යම පළාතෙන් 192ක්ද  සබරගමුව පළාතෙන් 165ක්ද  වාර්තා වී ඇත.

නැගෙනහිර උතුරු සහ වයඹ පළාත්වල සියයට  4ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව  ඔහු ප්‍රකාශ කළේය.

දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 625කි .

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා සීමාව තුළ රෝගීන් 165ක් වාර්තා වී ඇති බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන්  රෝගීන් 393ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 128ක් ද  වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *