රටින් පිටවීමට පොරක කන ඇෆ්ගන් වැසියන්

රටින් පිටවීමට පොරකන ඇෆ්ඝන්වරු දැක්වෙන විවිධ ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

මේ එවැනි එක් ඡායාරූපයක් පිළිබඳ තොරතුරකි.

තලෙබාන් සටන්කාමීන් විසින් ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලා ගැනීමට දින කිහිපයකට පෙර සිටම කාබුල් නගරවාසීන් තම රටෙන් පිටත්වීමට විවිධ මාර්ග සොයමින් සිටිනු දක්නට ලැබුණි.

බොහෝ පිරිසක් කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඇතුළුවී එහි නවතා ඇති කුමණ හෝ යානයකට නැග ගත්හ.

අමෙරිකානු හමුදාවට අයත් C-17 ගුවන්යානාවකට ඇෆ්ඝන් වැසියන් 640 දෙනෙක් ඇතුළු වී තිබුණි. එම ඡායාරූපය මේ වනවිට සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් තිබේ.

එම වර්ගයේ ගුවන් යානයක එකවර වැඩිම පිරිසක් ගමන්කළ අවස්ථාවන් වලින් මෙයත් එකක් බව අමෙරිකානු ආරක්ෂක අංශ පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *