යුපුන් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ලෝකඩ පදක්කම දිනා ගනී.

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි අවසන් මහා තරගයේ තෙවැනි ස්ථානයට පත්වෙමින් යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කම දිනා ගත්තේ මීට සුළු මොහොතකට පෙරය.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වෙන් පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා යුපුන් අබේකෝන් ය.

“මට දැන් දැනෙන හැඟීම පැහැදිලි කිරීමට වචන නැත. එය කළේ මමයි! මම මා ගැන ආඩම්බර වූ අතර මා වෙනුවෙන් සිටි සියල්ලන්ම මම ආඩම්බර කළෙමි! මෙම තරඟයේ සෑම මොහොතකම එහි සිටි ඔබ සැමට බොහොම ස්තුතියි.

මෙය අනාගතයේ සිදු වීමට නියමිත තවත් විශාල දේවල ආරම්භය පමණි. මම දිගටම වෙහෙස මහන්සි වී වැඩ කරන්නෙමි, ”යපුන් ජයග්‍රහණයෙන් පසුව පළ කළේය.

පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර අද පිරිමි F42-44/61-64 කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *