යක්ෂා රූඩයෙන් බේර ගන්න පල්ලියකදී ජලය පෙවු දෙදරු මරණයට

මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජලනය හා දැඩි ශ්වසන ආබාධයකට ලක්වු 58 හැවිරිදි දෙදරු මවක් අසාධ්‍යව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමේන් පසු 24 දින අලුයම මරණයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මුන්දලම විල්පොත පදිංචි කළුමරක්කලගේ රේණුකා ඉන්ද්‍රකාන්ති නැමති දෙදරු මවක් වන අතර ඇය වසර 35 කට ආසන්න කාලයක් මැද පෙරදීග රටවල ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිට ඇති බවත් අවසන් වරට එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙ ඩුබායි නගරයෙ සේවය කරමින් සිට ඇති බව ඥාතින් පවසති.

එසේ සේවය කරමින් සිට සති කිපයකට පෙර මෙරටට පැමිනි මෙම කාන්තාව යම් මානසික අපහසුතාවයකින් සිටිම නිසා එකම දියණීය ඒ පිළිබදව විමසිමේදි පවසා ඇත්තේ මැද පෙරදිග රටක සේවය කරමින් සිටියදී යම් කිසි භුතයකු තම සිරුරට ඇතුළු වී තමන්ට කරදර කරන බවත් එය සුව කර ගැනිමට හැකි තැනක් සොයා දෙන ලෙසට දියණියට පවසා ඇති බවයි.

එහිදි තම මව කිසියම් මානසික රෝගයකින් පෙළෙන බවට තේරුම් ගත් දියණීය ඇය වෛද්‍ය වරයකුට පෙන්විම සදහා උත්සහ ගත්තද මෙම කාන්තාව දිගින් දිගටම එය ප්‍රතිප්ශේප කර ඇති බව කියයි.

පසුව පවුලේ ඥාතින් විසින් මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු  ලබන බබා  මාමාගේ පල්ලිය ලෙස හැදින්වෙන ස්ථානයෙ දී මෙවැනි කටයුතු සදහා ප්‍රතිකාර කරනු ලබන බවට දැන ගැනිමේන් පසු එම ස්ථානයට දින කිපයකට පෙර රැගෙන ගොස් තිබු බවත් එහිදි අදාල ස්ථානයෙ ( කුඩා පල්ලියක් ලෙස පවත්වාගෙන යනු ලබන) දී ජල බෝතල් කිපයක් පානය කිරීමට දි නැවත  23 දින පැමිණේන ලෙසට එහි කල දැනුම් දීමේන් පසු මෙම කාන්තාවට එහි රැගෙන ගිය බව ඥාතින් පවසයි.

අදාල ස්ථානයෙ පැවැත්වෙන සුව මෙහෙයවල් සදහා මෙලෙස මෙම කාන්තාව රැගෙන ගොස් ඇති බව කියයි.

මෙහිදි මෙම කාන්තාවට අදාල ස්ථානයෙ කටයුතු සිදුකරන පාස්ටර් යැයි හදුන්වන පුද්ගලයා විසින් ජල බෝතල් කිපයකට ආශීර්වාද කිරීමේන් පසු පානය කිරීමට  දී ඇති බවත් එසේ පානය කිරීමේන් පසු දැඩි ලෙස මෙම කාන්තාව අසාධ්‍ය වි ඇදුම් පවා ගලවා දැමිමට උත්සහ කර ඇති බවත් ඒ සමග දැඩි ලෙස විජලනලයට ලක්වි ශ්වසන ආබාධයකට ලක්වි ඇති බවත් ඒ සමග මෙම කාන්තාව බරපතල ලෙස අසාධ්‍ය තත්වයටකට පත්විමේන් පසු ලොරි රථයක නංවා පුත්තලම රෝහලට රැගෙන ඒමේන් පසු  මරණයට පත්වු බව ඥාතින් පවසයි.

මෙසේ මරණයට පත්වු දෙදරු මවගෙ ඥාතින් පවසන්නේ ඇය මෙම ස්ථානයට රැගෙන ගිය අවස්ථා දෙකහිම විශාල පිරිසක් එම ස්ථානයෙ විවිධ රෝග සදහා ප්‍රතිකාර ලබා ගැනිම සදහා පැමිනි සිටි බවත් පැමිනි සියලු දෙනා හට පාස්ටර් ලෙස හැදින්වු මෙම පුද්ගලයා විසින් ජලය බිමට දී ආශීර්වාද කිරීම සිදුකර සිදුවු බවයි.

කෙසේ නමුත් ප්‍රදේශ වාසින් පවසන්නේ මෙම බබා මාමාගේ පල්ලිය ලෙස හදුන්වන ස්ථානය වසර 20 කට ආසන්න කාලයක සිට පවත්වාගෙන යනු ලබන ස්ථානයක් බවයි.

එහි රෝගීන් සුවපත් කිරීම ඇතුළු දෑ බබා මාමා නැමති අයකු කර ඇති බවත් ඔහු මිය යාමේන් පසුව ඔහුගේ පුතා යැයි කියන තැනැත්තා විසින් අදාල කටයුතු සිදුකරන බවයි.

මෙම මරණයෙන් පසුව අදාල ස්ථානය පිළිබදව පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොඨඨාශයෙ  හදිසි මරණ පරික්ෂක විජය සමරතුංග මහතා විසින් ස්ථානිය පරික්ෂණයක් පැවැත්විමට කටයුතු කර තිබුනී.

අදාල මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරික්ෂණ පුත්තලම මූලික රෝහලේදි  විශේෂඥ අධීකරණ වෛද්‍ය නිළධාරී වරයා විසින් පැවැත්විමට කටයුතු කරමින් තිබුනී.

මෙම මරණය සම්බන්ධව මදුරන්කුලිය පොලිස්ථානයෙ ස්ථානාධිපති ගාමිනි වික්‍රමසිංහ මහතා ඇතුළු නිළධාරීන් පැවැත්විමට නියමිතව තිබුනී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *