මේ වසරේ මේ දක්වා වැලිකඩ රැඳවියන් 28ක් මිය ගිහින්

මේ වසරේ ජනවාරි  මස සිට මේ දක්වා  වැලිකඩ බන්ධනාගාරය තුළ විවිධ හේතූන් මත පුද්ගලයන් 28 කු මිය ගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. එලෙස මියගිය අය අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බව දැනගන්නට ඇත.

ජනවාරි මස පුද්ගලයන් හය දෙනෙකුත්, පෙබරවාරි මස පුද්ගලයන් පස් දෙනෙකුත්, මාර්තු මස කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දස දෙනෙකුත් , මෙම මස ( අප්‍රේල්) මේ දක්වා කාන්තාවක් ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකුත් මිය ගොස් ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත. පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක ගෙල වැලලාගෙන මියගොස් ඇත.

මැගසින් බන්ධනාගාරය , කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය හා වැලිකඩ බන්ධනාගාරය යන පරිශ්‍රවල රඳවා සිටින රැඳවියන් විවිධ රෝගාබාධ වලට ලක්ව මියගොස්  ඇති බව වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *