මත්ද්‍රව්‍ය කිලෝ 300 සැකකරුවන් සාක්ෂියක පරස්පරයක් නිසා නිදහස් කරලා

නාවික හමුදාව විසින් පසුගියදා මුහුදේදී හෙරොයින්  සහ හෙරොයින් රුගෙන යාමට පැමිණීමේදී සිය භාරයට ගත් පුද්ගලයන් සියලු දෙනා එක් සාක්ෂියක පරස්පරතාවක් මත නිදහස් කර ඇති බව අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්රවම ව්යසවස්ථා ප්රකතිසංස්කරණ අමාත්ය  විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ  පැවති අපරාධ නඩු විධාන සංග්රාහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවන වර කියවීම) සහ විෂවර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග පිළිබඳ පැවති විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අමාත්යප විජයදාස රාජපක්ෂ මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

&ඊයේ පෙරේදා නාවික හමුදාව බොහොම අමාරුවෙන් මහන්සි වෙලා මහ මුහුදේ බෝට්ටුවකදී හෙරොයින් කිලෝග්රෑාම් 300ට ආසන්න ප්රකමාණයක් අල්ලන් ආවා. ඒ ටික අල්ලන් ඇවිල්ලා ඒ පිළිබඳ නීතිපතිතුමා මහාධිකරණයේ අධි චෝදනාවක් ඉදිරිපත් කළා. ඒ පිළිබඳ නාවික හමුදා නිලධාරීන් සියලු දෙනා සාක්ෂි දුන්නා. නමුත් කොළඹ මහාධිකරණය තීන්දුව දුන්නා චූදිතයෝ සියල්ල නිදහස් කරලා. මහාධිකරණට කියනවා පොලීසියේ සාක්ෂි විශ්වසනීය නෑ කියලා. අපිටත් මේක ගැටලුවක්. අපිට මේක තේරෙන්නේ නෑ. පොලීසියේ සාක්ෂි එච්චර අවශ්යණ වෙන්නේ නෑ. ඇල්ලුවේ නාවික හමුදාවෙන්, ඒ අල්ලපු නාවික හමුදා නිලධාරීන් සියලු දෙනා සාක්ෂි දුන්නා.

කටඋත්තරයක පොඩි පරස්පරතාවක් තිබුණා කියලා කිලෝග්රෑඒම් 300ට ආසන්න හෙරොයින් අල්ලපු මහාපරිමාන ව්යාකපාරිකයෝ, කුඩු මුදලාලිලා නිදහස් කළා. නීතිපතිතුමා ඊට එරෙහිව ශ්රේුෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. අපේ පැත්තෙන් කළ යුතු දේ කරනවා. අපේ පාලනයෙන් තොර මේ වගේ ප්රතශ්න තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *