මොරටුවේ නගරාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මොසමක් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ශේප කර තිබෙනවා.

ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් එම ඇප ඉල්ලීම ප්‍රතික්ශේප කර ඇත්තේ මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවහන්දුරුගොඩ විසින්.

මොරටුව ප්‍රදේශයේ පැවති කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනකදී සෞඛ්‍ය නිලධාරීන්ට බධා කිරීමේ චෝදනා යටතේ මොරටුවේ නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

අදාල නඩුව මේ මස 11වනදා යළි විභාගයට ගැනීමටයි මොරටුව අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *