මේ වසර ආරම්භයේ සිට අගෝස්තු 20 දක්වා ශ්‍රී ලංකාවේ මාරක රිය අනතුරු 1,654ක් වාර්තා වී ඇති අතර, එම අනතුරුවලින් පුද්ගලයන් 1,749 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පැවසුවේ එම කාලය තුළ බරපතළ රිය අනතුරුවලින් තවත් 4,556 දෙනෙකු රෝහල්ගත කර හෝ ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි.
සුළු රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 7,295 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, දේපළ හානි සිදු වූ තවත් අනතුරු 3,232ක් වාර්තා වී තිබේ.
මාරක රිය අනතුරුවලින් මියගිය පුද්ගලයන් අතර:
- පදිකයන්: 576
- යතුරුපැදිකරුවන්: 617
- පසුපස ගමන් කළ පුද්ගලයන්: 122
- පාපැදිකරුවන්: 119
- රියදුරන්: 139
- මගීන්: 173
ඒ අනුව, මියගිය පිරිසෙන් වැඩිම සංඛ්‍යාව යතුරුපැදිකරුවන් වන අතර, පදිකයන් දෙවැනි ස්ථානයේ සිටී.


