මෙරට බලශක්ති ක්ෂේත්‍රයට කොරියාවත් අතගසයි

කොරියානු සමූහාන්ඩුවේ තානාපතිනිය, මියොන් ලී මහත්මිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර  බලශක්ති සහයෝගිතාවය පිළිබඳව සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විණි.

කොරියානු සමූහාන්ඩුව පාවෙන සුර්ය පැනල භාවිතයෙන් හා න්‍යෂ්ටික බලයෙන් මහාපරිමාණයෙන් විදුලිබලය උත්පාදනය කරන බව එහිදී තානාපතිනිය අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

දෙරට අතර පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ න්‍යෂ්ටික විදුලිබල උත්පාදනය තුලින් බලශක්ති සහයෝගිතාවය වර්ධනය කර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් සහ ඒ වෙනුවෙන් අවශ්‍ය වන තාක්ෂණික හා මූල්‍ය සහය කොරියානු රජයේන්  සහ ආයෝජකයන්ගෙන් ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡාා කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *