මෙරට දුප්පත්කම නැති කිරීමට කළයුතු දේ ලෝක බැංකුව කියයි

ශ්‍රී ලංකාව පිළිබඳව සිය නවතම සංවර්ධන පුරෝකථන වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක බැංකුව ප්‍රකාශ කරන්නේ මෙරට දුප්පත්කම 2023 වසරේදී තවදුරටත් ඉහළ යනු ඇති බවය.

2022 වසරේ 25%ක අගයක පැවැති දුප්පත්කම, මේ වසරේදී 27.9% දක්වා ඉහළ යනු ඇති බවට ඇස්තමේන්තු කරන බව ලෝක බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

නමුත් 2021 වසරේ 13.1%ක පැවැති දුගීභාවය 2022 වසරේ 25% දක්වා දෙගුණයකින් ඉහළ ගියද ඊට වඩා අඩුවේගයකින් මේ වසරේ දුප්පත්කම ඉහළ යනු ඇති බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

එමෙන්ම දුප්පත්කම 2024 වසරේදී 27.5% දක්වාත් 2025 වසරේදී 26.8% දක්වාත් පහත වැටෙනු ඇති බවට ලෝක බැංකුව පුරෝකථනය කරයි.

කෙසේ නමුත් මෙලෙස දුප්පත්කම අඩු කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මෙන්ම ආර්ථික වර්ධනය සහ රැකියා ජනනය නැවතත් ස්ථාපිත කළ යුතු බව ලෝක බැංකුව සිය වාර්තා මගින් පෙන්වාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *