මෙරට කොවිඩ් එන්නත ලබා දුන් පිරිස ලක්ෂ තුන ඉක්මවයි

මෙරට ලක්ෂ තුනක ජනගහනයෙන් ලක්ෂ තුනකට ආසන්න පිරිසකට කොවිඩ් මර්දනය සඳහා වූ එන්නත ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ පෙරේදා (20) දිනයේ පමණක් කොවිඩ් මර්දන එන්නත් 39,078 ක් ලබාදීමත් සමඟම මෙරට ජනගහනයෙන් 302,857ක පිරිසක් එන්නත්කරණයට ලක් කර අවසන් බවයි.

මේ වන විට කොවිඩ් අවදානම පවතින ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත්, ඉදිරිපෙළ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සියලුදෙනාටත්, ජනගහනයේ අවදානම් කණ්ඩායම්වලටත් එන්නත ලබාදීම සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *