මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින තවත් සිසුන් 204 ක් චීනයේ

යළි මෙරටට ඒමේ අපේක්ෂාවෙන් තවත් සිසුන් 204 දෙනෙකු චීනයේ සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි. චීනයේ සිටින එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා ආපසු ගෙන ඒම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය, බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ෂැන්හයි හා ග්වැන්ෂුහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කටයුතු කරමින් සිටින බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

ගතවූ දින 5 තුළදී, චීනයේ නව කොරෝනා වෛ⁣රසය ව්‍යාප්ත වූ වූහාන් නගරය, බීජිං අගනුවර ඇතුලු අනෙකුත් සෙසු නගරවල ඉගෙනුම ලබමින් ‍සිටි ශ්‍රී ලාංකික සිසුන් 660 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ද එම අමාත්‍යාංශය කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *