මුඛ ආවරණ පළදින්න කියා පැවසූ මහජන සෞඛ්‍ය පරීක්ෂකට උදුලු පහරක්

වාලච්චේන ප්‍රදේශයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙකු ට පුද්ගලයෙකු විසින් උදැල්ලකින් පහරදී තුවාල සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, මුඛ ආවරණ පැලඳ නොසිටි අයෙකුට ඒ සම්බන්ධයෙන් අවවාද කිරීමේ දී එම පුද්ගලයා විසින් එම පහරදීම සිදුකර ඇති බවය.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබු මහජන පරීක්ෂකවරයා වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට මාරු කර යවා තිබේ.

පහරදුන් පුද්ගලයා වාලච්චේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *