මා කරන ව්‍යවස්ථා වෙනසකදී ගොවි අයිතීන් සුරකිනවා – විපක්ෂ නායක

අපේ රටේ ව්‍යවස්ථාව නිර්මාණය කරන විට ජනාධිපතිගේ හෝ අගමැතිගේ බලය අඩු වැඩි වන හැටි ගැන අවධානය යොමු කළද කිසිදිනක ගොවි ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් නීති රෙගුලාසි ගෙන ඒමට කටයුතු කර නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (28) පැවසීය.

“වෙනස මාරයි ගොවියා අනාථයි” මැයෙන් හසලක දී සංවිධාන කර තබූ උද්ඝෝෂණයකට ඊයේ (28) එක් වෙමින් ඒ මහතා මේබව කීවේය.

තමන් ගෙන එන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණවලට ගොවියා සුරක්ෂිත කරන මූලික අයිතිවාසිකම් අන්තර්ගත කරන බවත් පාලකයන්ට හිතු මනාපයට රටේ ගොවිජනතාව සමඟ සෙල්ලම් කිරීමට ඉඩ නොතබන බවත් ප්‍රේමදාස මහතා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *