මාස දහයකට පසු මෙරට ගුවන් තොටුපොළ සංචාරකයින්ට විවෘතවේ

මාස දහයකට පමණ පසු සංචාරකයන්ට අද (21) දිනයේ පටන් මෙරට ගුවන්තොටුපළ විවෘත වේ. සංචාරකයින් ලෙසින් මෙරටට ඇතුල් විය හැක්කේ සංචාරක වීසා ඇති අයටත්,ද්විත්ව පුරවැසිභාවය ඇති අයටත්, මෙරට පදිංචිය ඇති(Residence Visa) විදේශිකයින්ටත් පමණි.

අද දින සිට මෙරටට පැමිණෙන සංචාරකයින් “සංචාරක බුබුලක්” ලෙස ක්‍රියාත්මක වීමට නියමිත අතර හඳුනා ගත් සංචාරක කලාප 14ක සංචාරක බුබුලක් ලෙස ගමන් කිරීමට හැකි වන්නේ PCR පරීක්ෂණයේ ප්‍රතිඵලයෙන් අනතුරුවයි.

මෙරටට සංචාරයට පැමිණෙන සංචාරක ගුවන් මගීන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ www.srilanka.travel යන වෙබ් අඩවියට පිවිස එහි ලියාපදිංචි වී ඇති හෝටල් 53න් එකක් තෝරා ගත යුතුව ඇත. ඉන්පසු ඇමෙරිකානු ඩොලර් 40ක මුදලක් තැන්පත් කර මෙරටදී පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීම සඳහා රිසිට් පතක් ලබා ගැනීම අනිවාර්ය වේ. අදාළ සංචාරකයා මෙරට දින 01–06 අතර ගත කරන්නේ නම් එක් පී.සී.ආර් පරීක්ෂණයක්ද දින 07කට වඩා වැඩි කාලයක් රැඳී සිටින්​නේ නම් තවත් පී.සී.ආර්. පරීක්ෂණයක් ද කළ යුතුවේ. තවද ඇමෙරිකානු ඩොලර් 12ක් වැය කර සංචාරකයන් කොවිඩ් රක්ෂණ ආවාරණයක් ද ලබාගත යුතුය.

ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසු දිවයිනට පැමිණෙන සංචාරකයින් රැගත් පළමු ගුවන් යානය කටාර් රාජ්‍යයේ සිට හෙට (22) අළුයම 02යි 15ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ලගා වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *