මාලිංග විස්සයි විස්ස පිටියට සමු දෙයි

මෙරට සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත.

එහි දැක්වෙන්නේ,

“වසර 17ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට ක්‍රිකට් පිටියක් තුළ අවශ්‍යය වෙන එකක් නෑ..”

“මොකද.. මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි වුණ අවසන් පුරුක, T20 ක්‍රිකට්වලටත් සමුදීමට මම අද තීරණය කළා.”

“ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න, ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න මහන්සිවෙන අපේ නවක ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට්වලට ආදරය කරන ඔයාලා එක්ක මම හැමදාමත් ඉන්නවා.”

“තෙරුවන් සරණයි!”

“w w w w w o   මේ වගේ over එකක් කවදා හරි දවසක දාන්නෙත් අපේම කොල්ලෙක් තමයි ! “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *