මහ බැංකුවේ අධිපති තනතුර කටු ඔටුන්නක් බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි

මහ බැංකු අධිපති ධූරය කටු ඔටුන්නක් බව තමා දන්නා බව එම ධූරයට නැවත පත්කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ එම ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ය.

මෙරට 16 වන මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ පස්වරුවේ සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

ආර්ථිකය තුලනය කිරීමේ ක්‍රියාමාර්ග ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීම තම මූලික සැලැස්ම බව නව අධිපතිවරයා පැවසීය.

හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ඊයේ සිය ධුරයෙන් විශ්‍රාම ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *