Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මහ කන්නයේ වැඩිම වී අස්වැන්න උඩවලවෙන්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මෙවර මහ කන්නයේ වැඩිම වී අස්වැන්න උඩවලව කලාපයට අයත් කුඹුරුවලින් වාර්තා වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පසුගිය යල කන්නයේ පැවැති දීර්ඝ නියඟය හේතුවෙන් වැඩිම වගා හානි වාර්තා වූ උඩවලව කලාපයේ කුඹුරුවලින් මෙවර වැඩිම වී අස්වැන්න වාර්තා වී තිබීම විශේෂිත සිදුවීමක් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

වී වගාව සදහා බිම් සකස් කිරීමේ දී  තැටි නඟුල හා මෝල්ඩ්බෝර්ඩ් නඟුල් යොදා ගැනීමෙන් වැඩිම අස්වැන්නක් ලබා ගැනීමට හැකි වන බවද   අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනාධිපති මාධ්‍ය ඒකකයේ අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.

ඔබේ අදහස