මහේල ජයවර්ධන ශ්‍රී ලංකා පිලේ උපදේශකයෙකු ලෙස පත් කිරීම ශක්තියක් බව දසුන් ශානක පවසයි

එළෙබෙන ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සඳහා මහේල ජයවර්ධන ශ්‍රී ලංකා පිලේ උපදේශකයෙකු ලෙස පත් කිරීම සිය කණ්ඩායමට ශක්තියක් බව විස්සයි විස්ස කණ්ඩායම් නායක දසුන් ශානක පවසයි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීය.

මූලික වටයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකටද එක්වේ.

පළමු පුහුණු තරගය ඔක්තොම්බර් 12වනදා පැවැත්වෙන්නේ බංගලාදේශයට එරෙහිවය.

දෙවන පුහුණු තරගය ඔක්තොම්බර් 14වනදා පැපුවානිව්ගිණියා කණ්ඩායමට එරෙහිව පැවැත්වේ.

පන්දුවාර විස්ස ලෝක කුසලාණ ක්‍රිකට් තරගාවලිය සඳහා යොදා ගැණෙන ඩුබායි, අබුඩාබි සහ සාජා යන ක්‍රීඩාංගණ වල තනතීරු සම්බන්ධයෙන් අයි පී එල් තරග හරහා යම් අවබෝධයක් ලබා ගත් බව නායක දසුන් ශානක පැවසුවේය.

මේ අතර ඕමාන තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යයි.

දෙරට අතර පන්දුවාර විස්ස ක්‍රිකට් තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර, පළමු තරගය ඔක්තොම්බර් 07වනදාත්, දෙවන තරගය 09වනදාත් පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *