ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර මහනුවර නගරයේ වීදි ඔස්සේ වීදි සංචාරය කළ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද දහස් සංඛ්‍යාත බැතිමතුන් සහ නරඹන්නන් සමඟ පෙරහැර නැරඹීමට එක්විය.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ආචාර්ය හර්ෂ සුරංග, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
විදේශීය තානාපතිවරුන් සහ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් ද අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට එක්ව සිටියහ.


