මව සහ පියා සමඟ රළ පෑගීමට ගිය කුඩා දැරියක් රළ පහරට හසු වේ

තංගල්ල, කපුහේන්වල වෙරළ තීරයේ මව සහ පියා සමඟ රළ පාගමින් සිටි කුඩා දැරියක් රළ පහරට හසුව මුහුදට ගසාගෙන ගොස් තිබේ.

පසුව තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් දැරිය බේරා ගැනීමට කටයුතු කළත්, ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව අප වාර්තාකරු සඳහන් කළේය.

තංගල්ල, කපුහේන්වල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි පානදුර, කළුදෑවල ප්‍රදේශයේ පදිංචි යුවලකගේ 7 හැවිරිදි සෙනාලි ගිහන්සා පීරිස් නැමති දියණිය එලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *