මවුන්ට්බැටන් පදක්කම් දිනූ ලාබාලතමයා ලෙස ශ්‍රී ලංකා දරුවෙකු පත්වේ

නවසීලන්යේ දකුණු ඔටාගෝ හි ශ්‍රී ලාංකික දරුවෙකු තම බාල සොහොයුරා බර රළ පහරකින් වීරෝදාර ලෙස බේරා ගැනීමෙන් පසු මවුන්ට්බැටන් පදක්කමක් දිනූ ලාබාලතම පුද්ගලයා බවට පත්ව ඇත.

පසුගිය වසරේ අගෝස්තු 27 වැනි දින එවකට 13 හැවිරිදි කල්‍යා කන්දේගොඩ ගමගේ ඔහුගේ 11 හැවිරිදි සොහොයුරා වන කිත්මි සමඟ ක්‍රිස්ටල්ස් වෙරළ තීරයේ දිය අද්දර ඔරු පැදීමේ යෙදී සිටි අතරදී විශාල රළ පහරකට ඔහුගේ බාල සොහොයුරාගේ ගසාගෙන ගොස් ඇති අතර ඉමහත් පරිශ්‍රමයකින් පසු තම සොහොයුරා බේරා ගැනීමට කල්‍යා සමත් වී ඇත.

නවසීලන්ත ප්‍රාදේශීය පොලිස් නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්ථා කර ඇත්තේ ‘‘එම ජල තීරයේ කිසිවකු බේරී නොමති අතර එය ඉතා භයානක ස්ථානයක්’’ ලෙස සහ “අනිවාර්‍යෙන්ම කල්‍යාගේ නිර්භීත ප්‍රතිචාරය එදින තම සහෝදරයාගේ ජීවිතය බේරා ගත් බවය

එම ජීවිතාරක්ෂක කුසලතාවයන් සඳහා සෑම වසරකම පොදුරාජ්‍ය මණ්ඩලයේ එක් සාමාජිකයෙකුට පමණක් ප්‍රදානය කරන ලද 2022 මවුන්ට්බැටන් පදක්කමට කල්‍යා සුදුසුකම් ලබා තිබීමයි. දැන් 14 හැවිරිදි ඔහු නිර්භීත සම්මානය දිනාගත් ලාබාලතම පුද්ගලයා බවට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *