රුපියල ආසියාවේ දුර්වලම මුදල් ඒකකය බවට පත්වේ

2023 වසරේ මුල් භාගයේ ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත්වු රුපියල මේ මාසයේදී ආසියාවේ දුර්වලම මුදල් ඒකකය බවට පත්වී ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණය කරයි.

එම වෙබ් අඩවිය වැඩිදුරටත් පවසන්නේ වසර අවසානය වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 355 දක්වා ඉහළ යනු ඇති බවය.

මේ වසරේ මුල් අර්ධයේදී ආසියාවේ හොඳම ක්‍රියාකාරිත්වයක් සහිත මුදල් ඒකකය ලෙස 19%කින් ශක්තිමත්වූ රුපියල ජුලි මාසයේදී ආසියාවේ දුර්වලතම ක්‍රියාකාරිත්වයක් සහිත මුදල් ඒකකය බවට පත්වී ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය එලෙස පවසා තිබුණි.

එමගින් පෙන්වා දෙන්නේ, ඊයේ දිනය වන විට අඛණ්ඩව දින 14ක් තුළ රුපියල 6%කින් අව ප්‍රමාණය වී ඇති බවය.

එමෙන්ම පොලී අනුපාත අඩුකිරීම සහ ආනයන සීමාවන් ලිහිල් කිරීම හේතුවෙන් ඉදිරියේදී රුපියල තවදුරටත් අවප්‍රමාණය විය හැකි බව බ්ලූම්බර්ග් සඳහන් කරයි.

වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, වසර අවසානය වනවිට ඩොලරයක විනිමය අනුපාතය රුපියල් 355ක් පමණ වනු ඇති බවය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *