ජාතික වනෝද්‍යාන ප්‍රවේශපත්‍ර සඳහා මාර්ගගත බලපත්‍ර පද්ධතියක්

ජාතික වනෝද්‍යාන වෙත සංචාරකයින්ට ප්‍රවේශවීමේ පහසුව සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මාර්ගගත බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දී ඇත.

පරිගණක හරහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේදී සිදුවන බාධාවන්වලදී සංචාරකයින්ට සිදුවන අපහසුතාවයන් මඟහරවා ගැනීම සඳහා මෙම ක්‍රමය හඳුන්වා දුන් බව ඔවුහු පැවසූහ.

විදේශීය සංචාරකයින් තම සංචාරය සැලසුම් කරන විට කාර්ය මණ්ඩල ක්‍රියාකරුවන්ට ඔන්ලයින් බලපත්‍ර ක්‍රමය හරහා ප්‍රවේශපත්‍ර ලබා ගැනීම වඩාත් පහසු බව ඔවුහු පවසති.

මෙම නව ක්‍රමය දේශීය සංචාරකයින්ට ද අනුගමනය කළ හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *