මන්නාරමේ සුළං බලාගාර දෙකක ඉදිකිරීම් අත්හිටුවයි

ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ප්‍රදානය කර මේ වනවිට ආරම්භ කර ඇති මන්නාරම මෙගාවොට් 20ක සහ මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදි කිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී තීරණය විය.

මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ මෙම සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී මන්නාරම ප්‍රදේශය නියෝජනය කරමින් පැමිණි ආගමික නායකයින් ඇතුළු ජනතාව කියා සිටියේ ඉල්මනයිට් ව්‍යාපෘතිය සහ සුළං බලාගාර ව්‍යාපෘතිය නිසා පරිසර හානි මෙන්ම ජන ජීවිතයට බලපෑම් එල්ල වන බවයි.

පරිසර වාර්තා සහ නිර්දේශ නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳවද එම ජනතාව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුම්වත් කළේය.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මන්නාරම ප්‍රදේශයේ ජනතාවට මුහුණ දෙන ගැටලු සොයා බැලීම සඳහා මෙම ව්‍යාපෘතිය මසකින් කල් දමන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *