මන්ත්‍රීවරුන් වෙත වාහන ලබාදීම සඳහා රජය ගෙන ආ යෝජනාවට සජිත් විරුද්ධ වෙයි, මන්ත්‍රීවරුන්ගේ ජීවිත සැපවත් කිරීමට ජනතා මුඳල් යොදා ගැනීම කිසිසේත් අනුමත නොකරන බවද පවසයි

මන්ත්‍රීවරුන් වෙත වාහන ලබාදීම සඳහා වූ රජයේ යෝජනාව සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ දේශපාලඥයින්ගේ ජීවිත සුඛිත මුදිත කිරීම සඳහා මහජන සම්පත් යොදා ගැනීම සමගි ජන බලවේගය විසින් කිසි දින අනුමත නොකරන බවය.

අදාළ අරමුදල් සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එන්නත් ලබාදීම සඳහා උපයෝගී කර ගන්නා ලෙස රජයට බලකර සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා සිට ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

මේ අතර සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ හදිසියේ ගුවන් පාලම් ඉදිකිරීම, තෙල් මිල ඉහළ දැමීම, වාහන ගෙන්වීම වැනි තීන්දු ජනතා විරෝධී තීන්දු බවය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *