මත්පැන් බෝතල් 9,240 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

සංචරණ සීමා උල්ලංඝණය කරමින් නීති විරෝධීව මත්පැන් බෝතල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු වාලච්චේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්පැන් ප්‍රවාහනය කළ ලොරි රථය වාලච්චේන, රිදීතැන්න මාර්ග බාධකයේදී පරීක්‍ෂා කළ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැණුනි.

ලොරි රථයේ තිබී රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් මත්පැන් බෝතල් 9,240 ක් පමණ සොයාගත් බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *