ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමලේ තේ වතුයායේදි (24) දා පස්වරු 05.00 ට පමණ සොයා ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

අතුරුදන්ව සිට මෙලෙස සොයාගනු ලැබුවේ, හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පදිංචි, (33) හැවිරිදි දිනේෂ් හේමන්ත නමැති තරුණයෙකි.

මරේ තේවතුයායට අයත්, රාජමාලයේ කොටසේ දර කැඩීමට ගිය වතුකම්කරුවන් පිරිසක් විසින් මෙම තරුණයා තේවතුයායට ආසන්නයේ වැටි සිටින අයුරු දැක නල්ලතන්නිය පොලිසියට දන්වා ඇත.

නල්ලතන්නිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වහා රාජමලේ තේවත්තට ගොස් මෙම තරුණයා කැටුවගොස් ප්‍රතිකාර සඳහා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් අරංචි මාර්ග පවසයි.

මෙම තරුණයා තවත් කාන්වතාවන් දෙදෙනෙක් සමඟ නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට ගොස් ඇත. ඉකුත් (19) වෙනිදා සිට මොහු අතුරුදන්ව ඇති බව පවසමින් ඔහු සමග පැමිණි කාන්තාවන්, රත්නපුර මාර්ගයේ සිරිපාගම පොලිසියට පැමිණිලි කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *