මත්තල අලුත් කරන වාර්තා සකසා අවසන්

හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් ආයෝජකයන් අභිලාෂ කැදවීමට අදාල වාර්තාව සකස් කර අවසන්ව ඇති බව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය. එම වාර්තාව ළඟදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවිධ ව්‍යාපාරික අවස්ථා සඳහා පෞද්ගලික ආයෝජකයන් තිදෙනකුට පැවරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

මත්තල ගුවන් තොටුපොළ වෙනුවෙන් ආයෝජනය කිරීමට ආයෝජකයන් තිදෙනෙකු දැනටමත් ඉදිරිපත්ව සිටින බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මත්තල ගුවන් තොටුපළ ආරම්භයේ සිට (2013) සිට මේ දක්වා කෝටි හයදහස් හය සියයක පාඩුවක් ලබා ඇති බව විගණන වාර්තා සඳහන් කරයි.

එහි වසරක පාඩුව කෝටි 200ක් පමණ වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *