පුද්ගලයකුට අමානුෂික වද දුන්නට පොලිස් පරික්ෂක වසර හතක් සිරගෙට

පහරදී තුවාල සිදුකිරීම, කෘර ලෙස වධ හිංසා පමුණවීම යන චෝදනාවන්ට වරදකරු වූ පොලිස් පරීක්ෂකවරයකුට මොනරාගල මහාධිකරණ විනිසුරු (පූර්වගාමී) චින්තක ශ්‍රීනාත් ගුණසේකර මහතා  වසර හතක සිර දඬුවමක්  නියම කළේය.

මෙසේ සිර දඬුවම් නියම වූයේ සියඹලාණ්ඩුව පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරික්සක ඩී.එම් සුදු බණ්ඩා දිසානායක නැමති අයටය.

විත්තිකරු මීට වසර පහකට පමණ ඉහතදී හම්බේගමුව පොලීසියේ සේවය කරමින් සිටියදී අයුතු ලෙස පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පොලීසියේ රඳවා ගෙන පහරදී තුවාල සිදුකිරීම,කෘර වධ හිංසා කිරීම යන අධි චෝදනා යටතේ කොළඹ විශේෂ විමර්ශන ඒකකය මඟින් මෙම නඩුව පවරා තිබිණි.

සිර දඬුවමට අමතරව රුපියල දස දහසක දඩයක්ද,එය නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිර දඬුවමක්ද වින්දිත තැනැත්තාට රුපියල් එක් ලක්ෂ පනස්දහසක වන්දියක් ගෙවන ලෙසද වන්දිය නොගෙවන්නේ නම් වසරක සිර දඬුවමක්ද නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *