ආයෝජන කලාපවල අක්කර 1834ක් කැලෑවට ඇරලා

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් ආයෝජන කලාප දහසයේ අක්කර 1834ක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන කැලෑවට ඇර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මේ අතර ආයෝජන කලාපවලට අයත් නොවන අක්කර 789 ක්ද හිස්ව පැවතුණ බව විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.

මේ අතර ආයෝජන මණ්ඩලය අනුමත ආයතනවලින් රුපියල් කෝටි 184 කට වැඩි මුදලක් 2014 දෙසැම්බර් 31 වනවිටද අයකරගෙන නොතිබූ බව පවසන විගණන වාර්තාව එය ඊට පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 25ක වැඩිවීමක් බවද සඳහන් කළේය.

එම වටිනාකමෙන් රුපියල් කෝටි 38 කට වැඩි මුදලක් හෙවත් සියයට විසි එකක් වසර හතරකට වඩා වැඩි කාලයක් තිස්සේ හිඟව පැවතුණ බවද වාර්තාවේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *