බිබිල-බදුල්ල මාර්ගයේ යාල්කුඹුර ප්රදේශයේ ඊයේ (26) සිදුවූ රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.
බස් රථ දෙකක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
තුවාලකරුවන් ප්රතිකාර සඳහා බිබිල රෝහලට ඇතුළත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය පැවසීය.


