කළුබෝවිල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්: මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකුගේ නිවසක් බව හෙළි වෙයි

දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ නිවසකට 09 රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ රාත්‍රී 11.45ට පමණ සැකකරුවන් නිවසේ ගේට්ටුව තුළට අත්බෝම්බයක් විසිකර පලාගොස් ඇති බවයි.

ප්‍රහාරයෙන් නිවසේ ඉදිරිපස ජනේල දෙකකට සහ වීදුරු පැනලවලට හානි සිදුවී ඇති අතර, කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව පොලිසිය සඳහන් කළේය.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ප්‍රහාරයට ලක්වූ නිවස විශාල පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකුට අයත් නිවසක් බවට තොරතුරු ලැබී ඇති බවයි.

ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ 56 හැවිරිදි කාන්තාවක් පමණක් බවද පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *