ඉතාලි නාවික හමුදාවේ ‘ITS Giuseppe Garibaldi’ කොළඹ වරායට

ඉතාලි නාවික හමුදාවට අයත් ‘ITS Giuseppe Garibaldi’ නෞකාව නැවත සැපයුම් කටයුතු සඳහා සංචාරයක නිරත වෙමින් අඟහරුවාදා (09) කොළඹ වරායට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දීර්ඝ කාලයක සිට පැවත එන නාවික සම්ප්‍රදායන්ට අනුකූලව නෞකාව පිළිගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ මීටර් 180ක් දිගින් යුත් මෙම ගොඩබැස්වීමේ හෙලිකොප්ටර් යානා නෞකාව (Landing Helicopter Aircraft Vessel) කපිතාන් මාර්කෝ ගුවෙරියෙරෝ මහතාගේ අණ යටතේ පවතින බවයි.

ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ නෞකාවේ අණදෙන නිලධාරියා බටහිර නාවික ප්‍රදේශයේ ආඥාපතිවරයා හමුවීමට නියමිතව තිබේ.

මෙම හමුව ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර දීර්ඝ කාලයක් පුරා පවතින නාවික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් පිළිබිඹු කරන අවස්ථාවක් වනු ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *