බැසිල් ඉක්මනට එනවා – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

බැසිල් රාජපක්ෂ ඉක්මනින් ලංකාවට එන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා  විදෙස් ගත වී ඇත්තේ  කාර්ය බහුල කාලයක් ගත කළ නිසා බව කී අමාත්‍යවරයා එතුමා ඉතා ඉක්මනින් ලංකාවට එන අතර මේ වනවිටත් ගම් මට්ටමින් දේශපාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවසීය.බැසිල් ආ විට පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් පුළුල්ව ක්‍රියාත්මක කරන බවද රණතුංග මහතා කීය.

ඡන්දයක් නැතුව දැනට දිනල ඉන්නේ ෆේස්බුක් ජනාධිපති හා කයිවාරු ජනාධිපතියි විතරක් බව කී අමාත්‍යවරයා  හැබැයි ඡන්දයෙන් දිනා ජනාධිපති වෙන්නේ රනිල් වික්‍රමසිංහ පමණක් බවද සඳහන් කළේය.

රනිල් ස්වාධීනව අපේක්ෂයෙක් විදියට එනවා නම් වඩා  හොඳ බව කී රණතුංග මහතා එවිට  බය නැතිව  වැඩ කරන්න පුළුවන් බවද කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *