බස්නාහිර පළාතේ වාහන හිමියන්ට දැනුම් දීමක්…

බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර අලුත් කිරීමට ලබාදී තිබූ සහන කාලය දීර්ඝ කර තිබේ.

ජූනි මස අවසන් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා අද එනම් ජූලි 29 වැනිදා දක්වා සහන කාලයක් ලබාදී ඇත.

කෙසේ වෙතත්, පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් ආදායම් බලපත්‍ර අලුත් කිරීමේ සහන කාලය බලධාරීන් විසින් දීර්ඝ කර තිබේ.

ඒ අනුව ජූලි මස අවසන් වන වාහන ආදායම් බලපත්‍ර සඳහා ලබා දී තිබූ සහන කාලය අගෝස්තු 31 දක්වා දීර්ඝ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *