පෞද්ගලීකරණයෙන් ආගමන විගමන දත්ත පිටට යාම අවදානමක්

ආගමන විගමන සේවා පෞද්ගලීකරණය කිරීමෙන් ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශිකයන්ගේ දත්ත  තුන්වැනි  පාර්ශවයකට හෙලි වීමේ අවදානමක් තිබෙන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආගමන-විගමන සේවා පෞද්ගලීකරණය කිරීම හෙලා දකින බව ද කොමියුනිස්ට් පක්ෂය කියයි.

වීසා නිකුත් කිරීමේ සම්පූර්ණ මෙහෙයුම් VFS ග්ලෝබල් (VFS Global) වෙත පැවරීමේ උත්සාහයක් තිබෙන බව කියන කොමියුනිස්ට් පක්ෂය මේ නිසා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ගේ මෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේද පෞද්ගලික දත්ත විදේශීය රජයන් ඇතුළු තුන්වන පාර්ශ්වයන්ට හෙළි වන බව පවසයි.

මෙවැනි පසුබිමක්  තුළ ආගමන විගණන දෙපාර්තමේන්තුවේ කටයුතු VFS Global සමාගමට පැවරීමට කැබිනට් අනුමැතිය දුන්නේ ඇයිදැයි ප්‍රශ්න කරන කොමියුනිස්ට් පක්ෂය ආගමන විගමන සේවා පෞද්ගලීකරණය කිරීමට කිසිම අවශ්‍යතාවයක් නොමැති බවද සඳහන් කරයි.

මෙම පෞද්ගලීකරණය සිදුවූ ආකාරය පිළිබඳව පාර්ලිමේන්තුව විසින් සොයා බැලිය යුතු බවද කොමියුනිස්ට්  පක්ෂය වැඩිදුරටත් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *