කුලියාපිටිය තරුණයා අතුරුදන් කළැයි කියන සැකකරුට ඇප

කුලියාපිටිය කබලෑවේ සුසිත් ජයවංශ නැමති 31 හැවිරිදි තරුණයාගේ අතුරුදන්වීමට සැකකෙරෙන සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති නැමති ප්‍රධාන සැකකරු අධිකරණයට බාරවීමෙන් පසු රුපියල් ලක්ෂ 5බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා නියම කළේය.

සැකකරු මෝසමක් මගින් සිය නීතිඥයින් හරහා අධිකරණයට බාරවීමෙන් අනතුරුව එසේ ඇප නියමවිය.

සැකකරු එසේ මෝසමක් මගින් විවෘත අධිකරණයට බාරවීමේදී පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරු අධිකරණය, නීතිය හෑල්ලුවට ලක්කරමින් වසංව සිටි බවයි.

එමෙන්ම රජයේ නිළධාරීන් කාලය ශ්‍රමය කැපකරමින් දිවයිනේ සෑම ප්‍රදේශයකම සැකකරු සෙවූ බවත් මධ්‍ය මේ පිළිබඳව පුලුල් ප්‍රචාරයක් ලබාදුන් පසුබිමක නීතිගරුක පුද්ගලයකු නම් පොලිසියට ඉදිරිපත්වීමට හැකිව තිබූ බවත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *