පොහොර හිඟයට විසදුමක්

වගාබිම් සඳහා අවශ්‍ය රසායනික පොහොර මේ වනවිට ලැබෙමින් පවතින බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

මේ අතර අප කළ විමසීමකදී ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, එළවළු, පලතුරු සහ විසිතුරු මල් වගාවන් සඳහා අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 2,000ක් ආනයනය කර ඇති බවය.

යූරියා මෙට්‍රික් ටොන් 1,500ක් ආනයනයට එක් සමාගමක් පමණක් ඇණවුම් ලබාදී ඇති බවද ඔහු පැවසීය.

ඒ අනුව වෙනත් පොහොර වර්ග ආනයනයට සමාගම් 10ක් මේ වනවිට ඇණවුම් ලබාදී තිබේ.

මේ අතර, පවතින පොහොර අර්බුදය හමුවේ රජය මැදිහත්ව කඩිනමින් වගා සංග්‍රාමයක් ආරම්භ නොකළ හොත් එළඹෙන මාර්තු මාසය වනවිට ආහාර හිඟයක් ඇති වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කේ. බී. ගුණරත්න මහතා පැවසීය.

මේ අතර, පොහොර නොමැතිව සිය වගාවන් විනාශ වන බවට ගොවීන් අදත් මැසිවිලි ඉදිරිපත් කර තිබුණි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ගිරිතලේ ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීන් කුඹුරු වපුරා දැනට මසකට ආසන්න කාලයක් ගතවී ඇතත් මේ දක්වා තමන්ට පොහොර ලැබී නොමැති බවට චෝදනා කරයි.

ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් තම ගොවිබිම් විනාශවෙමින් පවතින බවය.

එමෙන්ම මින්නේරිය ව්‍යාරයේ විජය බෙදුම් ඇළ ගොවි සංවිධානය යටතේ කුඹුරු වගාකළ ගොවීන්ද මේ වන විට අසීරුතාවට ලක්වී සිටී.

වල් නාශක නොමැතිවීම හේතුවෙන් වල් මර්දනය කර ගැනීමට නොහැකිව වල් පැළෑටි ගලවා ඉවත් කිරීමට ඔවුන්ට සිදුවී තිබේ.

හාලිඇළ කන්දෙගෙදර ප්‍රදේශයේ එළවළු වගාකළ ගොවීන් ද මේ වනවිට අසීරුතාවයට පත්ව සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *