ධනුෂ්කට ඉහළම BPL කොන්ත්‍රාත්තුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ජනවාරි 20 වැනිදා ආරම්භ වන 2022 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට තෝරාගෙන තිබේ.

BPL ආරංචි මාර්ග පවසන පරිදි BPL කෙටුම්පතට පෙර ඇමරිකානු ඩොලර් 75,000 ක ඉහළම කාණ්ඩයට ධනුෂ්ක ගුණතිලක Barisal Bulls විසින් තෝරාගෙන ඇත.

ඇන්ඩ්‍රේ රසල්, සකීබ් අල් හසන් සහ මුජිබර් රහ්මාන් ඉහළම BPL කොන්ත්‍රාත්තු ලබා ඇති ක්‍රීඩකයින් අතර වේ.

ශ්‍රී ලංකා එංගලන්ත සංචාරයේදී බයෝ බුබුල උල්ලංඝණය කිරීම හේතුවෙන් මාස හයක තරග තහනමකට ලක්ව සිටි ධනුෂ්ක ගුණතිලක මේ මස මුලදී දේශීය ක්‍රිකට් පිටියට පිවිසියේය.

ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම අවසන් වන්නේ 2022 ජුනි මාසයේදී පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *