පොලිසියේ උසස් වීම් ප්‍රමාද වීමේ අර්බුදයට මෙතෙක් විසඳුමක් ලැබී නැතැයි විමසීමකදී යළිත් තහවුරු වේ

පොලිසියේ උසස් වීම් ප්‍රමාද වීමේ අර්බුදයට මෙතෙක් විසඳුමක් ලැබී නැතැයි විමසීමකදී යළිත් තහවුරු වුණි.
මේ මාසය වනවිට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු 5 ක පුරප්පාඩු ඇතිවන බවට මීට පෙර අනාවරණ විය.
මේ වන විටත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු 3 ක පුරප්පාඩු වී අවසන්.
මේ මස තවත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු විශ්‍රාම යාමට ද නියමිතය.
මෙම පුරප්පාඩු සම්පූර්ණ කර නොමැතිවී හේතුවෙන් ඇතැම් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පළාත් 2ක හෝ 3ක රාජකාරී ආවරණය කිරීමට සිදුවී තිබේ.
මේ අතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, නියෝජ්‍ය පොලිස්පති තනතුරු සදහා පත් කිරීමේ ප්‍රමාදයක් ද මේ හේතුවෙන් පවතින බව වාර්තා වේ.
රට තුළ යම් අවධානම් තත්වයක් ඇති වුවහොත් පොලිස් ක්ෂේත්‍රයේ පරිපාලන ප්‍රශ්න මේ සමග ඇතිවිය හැකි බව ද විද්වතුන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *