Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පොලිසියට පාට් දැමූ හිටපු සෙබළියන් දෙදෙනා අත්අඩංගුවට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මත්පැන් පානය කර යතුරුපැදියක් පදවා පොලිස් නිලධාරීන් දෙදෙනකුට සාපරාදී බලහත්කාරය පෑ හිටපු යුද හමුදා සෙබලියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හොරණ  මූලස්ථාන පොලිසිය කියයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  හොරණ මුණගම දික්හේනගම පදිංචි යුද හමුදාවේ විශ්‍රාමික 38 හැවිරිදි සෙබලියක් සහ හලාවත මාරවිල පදිංචි පනාගොඩ යුද හමුදා කඳවුරේ සාමාන්‍ය සෙබළියක් ලෙස සේවය කර මීට මාස තුනකට පෙර පලා ගිය බව කියන  21 හැවිරිදි  තැනැත්තියකි.

මොවුන් දෙදෙනාම යුද හමුදා ක්‍රීඩා අංශයේ  සේවය කළ අයවලුන් බව පොලිසිය සඳහන් කරයි

හොරණ මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පානදුර රත්නපුර මාර්ගයේ ඉලිබ හන්දියේ රාත්‍රී 10.30ට පමණ රථ වාහන රාජකාරියේ නිරතව සිටියදී ඉංගිරිය දෙස සිට දෙදෙනෙකු  පැමිණි ස්කූටර් වර්ගයේ යතුරුපැදිය නැවතීමට සංඥා කර තිබූ බව පොලිසිය කියයි.

එම සංඥාවලට අවනත නොවූ සැකකාර පැදිකාරිය පොලිස් නිලධාරීන් පසුකර කටුහේන අතුරු මාර්ගයට යොමු කර පලායාමේදී පොලිස් නිලධාරීන් දෙදෙනාද පොලිස් යතුරු පැදියෙන් මීටර් 300ක පමණ දුරක් පසුපස හඹා ගොස්  සැකකාරියන් දෙදෙනා නවත්වාගෙන යතුරු පැදියේ  යතුර සිය භාරයට ගැනීමට කටයුතු කර ඇත

ඔබේ අදහස