පොලිස් යතුරුපැදිය ගිනි තැබීමේ සිද්ධියට අයෙක් සැකපිට

මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය කතරගම පොලිස් නිලධාරියෙකුට අයත් යතුරුපැදියක් ගිනි තබා පුළුස්සා දැමීමේ සිද්ධියට සැකපිට විශ්‍රාමික යුද හමුදා ආබාධිත කෝප්‍රල් වරයෙකු අද( 25) අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය කියයි.

මෙම සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් පොලිසියට වෙඩි තැබීමට තැත්කළ බවත් එම ගිනි අවිය සහ විදේශී රටක නිෂ්පාදිත ජීව පතරොමක් ද අත්අඩංගුවට ගෙන තිබෙි.

අත්අඩංගුවට පත් සැකකරු 2007 වර්ෂයේ 3 වන කජබා රිජිවිතුවට බැඳී ඇති අතර මාන්කුලම් හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී ආබාධයකට ලක්වී සේනපුර ආබාධිත කඳවුරේ සිටියදී 2016 වර්ෂයේ ආබාධිතයකු ලෙස විශ්‍රාම ගන්වා ඇතැයි පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *