පුරා විද්‍යා නාම පුවරු ගැලෙව්වාට අයෙක් සැකපිට

මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා නාමපූවරු ගලවාගෙන යෑමේ සිද්ධියට සම්බන්ධව පුද්ගලයකු සැකපිට අද සවස අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලිසිය කියයි.

ඔහු කිරාන් ප්‍රදේශයේ පදිංචි කරුවකු බවද පොලිසිය පවසයි.

මීට අමතරව වාලච්චේන ප්‍රාදේශිය සභාව මගින් ගලවා ගෙන ගොස් සභා භූමියේ තිබූ නාමපුවරු හතක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාලච්චේන ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී එම්.එස්.එම්. ජරූල් මහතා අප කළ විමසීමකදී පැවසීය.

පුරාවිද්‍යා නාමපූවරු ගලවා ගෙන යෑමේ සිද්ධියට සම්බන්ධ වාලච්චේන සභාවේ සභාපති උප සභාපති,උප ලේකම් සහ තවත් සේවයකින් දෙදෙනකු ප්‍රදේශයෙන් පලගොස් සැඟව සිටින බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙන බවද ජරූල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉකුත් 22 වෙනිදා වාලච්චේන ප්‍රාදේශය සභාවේ සභාපති,උප සභාපති හා සේවකයන් පිරිසක් ප්‍රදේශයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් නාමපුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධ බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුවත් කර ඇති අතර ඒ පිළිබඳ වාලච්චේන සහ කොක්කඩිචෝලේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *