පුරන් කුඹුරු අක්කර 50,000ක් අස්වැද්දීමට සැලසුම්

මෙරට පුරන් කුඹුරු අක්කර 125,000ක් පමණ ඇති බැවින් ඉන් පුරන් කුඹුරු අක්කර 50,000 ක් ඉදිරි යළ කන්නයේදී අස්වැද්දීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතා සඳහන් කරයි.

එම සැලසුම යටතේ බස්නාහිර පළාත තුළ හා තවත් තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක පුරන් කුඹුරු අස්වැද්දීමට නියමිත බවයි ඒ මහතා පවසා සිටින්නේ.

මෙම වැඩසටහන යටතේ පුරන් කුඹුරු අස්වැද්දීමේදී බිත්තර වී සහනදායී මිලකට ලබා දෙන අතර ඇළ වේලී සකස් කිරීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් සිදු කෙරෙනු ඇති බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *