පුද්ගලික අංශය හා තරගකාරී මිලකට වී මිලදී ගැනීමට රජය සූදානම්

ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී වී කිලෝවක් සඳහා රජය නියම කළ රුපියල් 50 සහතික මිලට වඩා ඉහළ මිලක් පෞද්ගලික අංශය දෙන්නේ නම් රජයත් එයට සමාන්තර තරගකාරී මිලක් ලබා දීමට සූදානම් බව ජනමාධ්‍ය ඇමැති, සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ මෙසේ ඉහළ සහතික මිලක් ගොවීන්ට ලබා දුන්නද පාරිභෝගිකයන්ව අපහසුතාවයට පත් කිරීමට රජය ඉඩ නොතබන බවත්, පාරිභෝගිකයාට රුපියල් 98 කට සහල් කිලෝවක් ලබා දෙන්නට රජය සූදානම් බවත්ය. ඊයේ (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් කීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ අදහස් පළ කෙළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේ පවසා සිටියා

“පොහොර සහනාධාරය ලබා දී ජල සම්පාදනය ඇතුළු අනෙක් පහසුකම් ලබා දී ගොවියාගේ වී අස්වැන්න සඳහා රජය රුපියල් 50 ක සහතික මිලක්ලබා දී තිබෙනවා. පෞද්ගලික අංශය රුපියල් 51-53 අතර මිලකට වී කිලෝවක් මිලදී ගනීවි. අපිත් මේ අභියෝගය භාර ගන්න සුදානම්. වී කිලෝවක් සඳහා රුපියල් 50ට වඩා සහතික මිලක් පෞද්ගලික අංශය දෙන්නේ නම් රජයත් එයට සමාන්තර තරගකාරී මිලක් දෙන්නට සූදානම්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *