පීලි අලුතෙන් දානකම් දුම්රිය මාර්ග අවදානම්

2023 වර්ෂයේදී දුම්රිය පීලිපැනීම් 110ක් සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රිය මාර්ග 57ක පීලිපැනීම් සිදුවී ඇති අතර අනෙක් පීලිපැනීම් 53 සිදුවී ඇත්තේ අංගනවල බවය.

උඩරට දුම්රිය මාර්ගයේ පීලිපැනීම් 26ක් සිදුවී ඇති අතර ඔක්තොම්බර් සහ දෙසැම්බර් මාසයේ පීලිපැනීම් 06 බැගින් සිදුවී ඇති බව ද සඳහන් ය.

මේ අතර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ,

“පීලි පැනලා ඉතුරු වුණොත් ඇති. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීලි අවුරුදු 5න් 5ට මාරු කරන්න ඕනේ. මුහුදු වතුරට ඒක දිරනවා. පීලි ලංකාවේ හදන්නේ නැහැ. ආනයනය කරන්න ඕනේ. ආනයනය කරන්න ආණ්ඩුවට මුදල් වෙන් කරන්න බැහැ. විදේශ ණය ආධාර නැතුව එක පීල්ලක්වත් ගන්න බැහැ. දුම්රිය දෙපාර්තමේන්තුව වර්ෂයකට බිලියන 10කට වඩා පාඩුයි. ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් අරගෙන පීලි ගෙනල්ලා දැන් ගොඩබාලා තියෙනවා. ඒ පීලි ටික දාගෙන යනවා.”

“උඩරට මාර්ගයේ පීලි පැනීම්වලටත් හේතුව ඒකයි. විසඳුමක් නැහැ. පීලි අලුතෙන් දානකම් අනතුරුදායක මාර්ග තිබෙනවා. පාලම් 30ක් තිබෙනවා… කඩාවැටීමට ආසන්න. ඒ පාලමක් කඩාවැටුණොත් විශාල අනතුරක් වෙයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *